සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි සැකකරු වන සමන් ජයලත් එම ඝාතනය සම්බන්ධයෙන් පැය දෙකක පමණ කාලයක් මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ නිල කාමරය තුළ ප්රකාශයක් ලබාදුන්නේය. ඔහු පළමු සැකකරු වන කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්රියශාන්තගේ වැඩිමහල් සහෝදරයා වෙයි.
ප්රකාශය ලබා දීමෙන් පසුව සමන් ජයලත් එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
මීරිගම කාන්ති