සේයා සදෙව්මි ඝාතන සිද්ධියේ ප්රධාන සැකකරු වන සමන් ජයලත් එළැඹෙන 16 දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ ප්රධාන මහේස්ත්රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (02දා) නියෝග කළේය.
සකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති බවත් සැකකරුට එරෙහිව කෙළින්ම මහාධිකරණයේ නඩු පැවරීම සඳහා උපදෙස් ලබාගැනීම පිණිස මෙම නඩුව හා සම්බන්ධ උද්ධෘත ඇතුළත් ගොනුව නීතිපතිවරයාටයැවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02දා) මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු දැඩි රැකවල් මැද අධිකරණයට රැගෙන එනු ලැබූ අතර, පොලීසිය ප්රදේශයේ ආරක්ෂක විධිවිධාන තර කර තිබිණි.
සැකකරු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොවූ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඉවෝන් ගමගේ, ඩිලාන් එන්. ද සිල්වායන නීතිඥවරු පෙනී සිටියහ.
මීරිගම කාන්ති