සෙයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වන දුනේෂ් ප්රියශාන්ත (කොණ්ඩයා) පිළිබඳ කළ ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණ වාර්තාව තවමත් උසාවියට ඉදිරිපත් ව නැති හෙයින් ඔහුව නැවතත් එළැඹෙන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්රාත්වරයා අද (05දා) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි සැකකරු සමන් ජයලත් සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත්ට ප්රකාශයක් කිරීමට කැමැත්ත කැමැත්ත දැක්වීය.
ඒ අනුව ඔහුව තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාරයේ තබාගන්නා ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය. එම සැකකරුගේත් ඩී.එන්.ඒ. වාර්තාවක් ලබාදෙන ලෙසද මහේස්ත්රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
මීරිගම කාන්ති