මැයි දින රැලි වෙනුවෙන් බණ්ඩාරවෙල නගරයේ ආරක්ෂක කටයුතුවල නිරත වූ හිටපු මාධ්‍ය ප්රකාශකජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතාගේ හිස මතට කොඩි කණුවක් කඩාවැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තාවේ.
තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙන අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ මැයි දින රැලිය සංවිධාන කර තිබුණේ ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රධානත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසය විසිනි.