විශ්රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් දින 15ක් තිස්සේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දියත් කළ විරෝධතාව අවසන් කර තිබෙන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ කැඳවුම්කරු යූ.ඩී.වසන්ත මහතා අද (27 දා) ප්රකාශ කර සිටියේය.
අද පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.
මේ අනුව සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන්ට මාසයක පමණ කාලයක් ලබාදුන් බව ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.