කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ධාවනයට නියමිත දුම්රිය තරමක් ප්රමාද විය හැකි බව දුම්රිය ගමනාගමනාධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසීය. මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ 1, 2, 3 සහ 4 වේදිකා භාවිත කිරීමට නොහැකි වී ඇති බැවින් සියලු දුම්රිය ප්රමාද වන බවද හෙතෙම කීය.