සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බලකරමින් අද (23 දා) ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය වසාදැමීමට පොලීසිය පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් ඒ අවට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ. උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් හා ජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටියි.