මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ රහසිගතව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කළ පුද්ගලයෙකු ඊයේ (03දා) සවස ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍යද සමග අත්අඩංගුවට ගත් බව පුදුකුඩිරිප්පු පොලීසිය පවසයි.
දේවිපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ මහා පරිමාණයෙන් ගිනි අවි නිෂ්පාදනය කරන බවට පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවටගත් සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගිනි අවි නිෂ්පාදනය කිරීමේ අංශයේ සේවය කළ අයකු බවත්, සැකකරු විසින් නිෂ්පාදනය කරන ගිනි අවි විවිධ පළාත්වල සිටින ජාවාරම්කරුවන්ට මෙන්ම පාතාල කල්ලිවලට මුදලට විකුණන බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කු තුනක්, බඳින තුවක්කු හතක්, තුවක්කු සෑදීමට ගන්නා බට 12ක්, ටි-56 මූණිස්සම් කිලෝ දහයක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 500ක් හා කියත්, අඬු හා තුවක්කු නිෂ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.