යුද සමයේදී ආරක්ෂක අංශ ප්රහාර හමුවේ සගවා තිබූ කොටි සංවිධානයට අයත් බර අවි ආයුධ තොගයක් ඕමන්ත පාලමොට්ටෙයි ප්රදේශයේදී වල දමා තිබියදී සොයාගත් බව ඕමන්ත පොලීසිය පැවැසීය.
පාලමොට්ටෙයිහි නැවත පදිංචියට ගිය වීරප්පන් ශාන්ති නැමති කාන්තාවගේ ඉඩමට ආසන්නයේ පිහිටි පාලු ඉඩමක් 25 දා එහි අයිතිකරු විසින් පස්කපන යන්ත්රයකින් එළිපෙහෙළි කරමින් සිටියදී මෙම ආයධ තොගය මතු වී ඇත.
මෙසේ හමු වී ඇත්තේ එල්.එම්.ජී හා එම්.පී.එම්.ජී වර්ගයේ අවි 30 ක් වන අතර එම අවි ගොඩගන්නා අවස්ථාවේදීත් දැඩි සේ දිරාපති වී තිබූ බවත් අදාළ ඉඩම ඉදිරියේදී පරික්ෂා කිරීමට නියමිත බවත් ඕමන්ත පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.