මෙවර පළාත් පාලන මැතිවරණයේදී යම්කිසි පක්ෂයක් කොට්ඨාසයක් ජයග්‍රහණය නොකළත් ඔවුන්ට මන්ත්‍රීධුරයක් ලබාගැනීමට අවස්ථාව තිබේ. ඒ නව ඡන්ද ක්‍රමය අනුවය. නව ඡන්ද ක්‍රමය අනුව කිසියම් වූ පළාත් පාලන ආයතනයක සභික ධුර සංඛ්‍යාවෙන් කොට්ඨාස ක්‍රමයට 60%ක් හා සමානුපාතික ක්‍රමයට 40%ක් පත්වීමට නියමිතය.
ඒ අනුව කොට්ඨාසයක් ජය නොගත්තත් ඔවුන් ලබාගන්නා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව සභික ධුර හිමිවෙනු ඇත. සමානුපාතික ආසන සංඛ්‍යාව තීරණය කරන ලබන්නේ ඒ ඒ තේරීම්භාර කාර්යාල වල පිහිටුවා ඇති අවසන් ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථානයේදීය.