කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ එල්.ජී.ප්‍රේමවතී (63), එච්.ජී.පුෂ්පකුමාරි (23) යන මව හා දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව අද (07දා) ලබාදීමට නියමිතව තිබුණත් එය කල්ගොස් තිබේ. 2012 ජූලි 9 වැනිදා මරා දැමීයැයි කියන සිද්ධියේ නඩු තීන්දුව ලබාදීම 28 වැනිදාට කල් තැබිණි. නඩුව කොළඹ මහාධිකරණයේ පැවැත්වේ.