ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 930ක් ප්‍රසිද්ධියේ විනාශ කර දැමීමට කටයුතු කරන බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීම අනුව නීතිපති උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු සඳහන් කළේය.
එසේම මේ වනවිට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කර ඇති තවත් කොකේන් කිලෝ 1200ක් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර විනාශ කර දමන බවත් ඔහු සඳහන් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්ත අනුව පසුගිය වසරේදී කොකේන් කිලෝ 1486ක් අත්අඩංගුවට ගෙන අතර, එහිදී ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් හා විදේශකියන් 13ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරෙදී ජූලි මාසයේදී කොකෝන් කිලෝ 301ක් හා දෙසැම්බර් මාසයේදී කොකේන් කිලෝ 928ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඩේලිමිර්ර් ඇසුරෙනි