නායයෑමේ අවදානමක් නිසා තාවකාලිකව වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදූව අතර මාර්ග කොටස යළි විවෘත කළ බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
මාර්ගය විවෘත කළද එම කොටසේ වේගය පැයට කිලෝමීටර් 40 කට සීමාකළ යුතු බවත්, මාර්ග දෙපස ප්රදර්ශනය කර තිබෙනා උපදෙස් පිළිපැදිය යුතු බවත් එම ඒකකයේ වැඩබලන අධ්යක්ෂ ආර්.එස්. කහටපිටිය මහතා පවසා සිටියි.