දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන කොක්මාදූව හා ඉමදූව අතර ප්රදේශයේදී පැයට කිලෝමීටර් 40ක වේගයක් රඳවා ගන්නා ලෙසට අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලා සිටී.
එම කොටසේ කන්දක් නායයාමකට ලක්වීම නිසා එහි ප්රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් මේ නිසා එම මාර්ග කොටසේ ගමන් කිරීමේදී මාර්ගය දෙපස සවිකර තිබෙනා අවවාද පුවරු ගැන සැලකිලිමත් වී ඒ අනුව රථය ධාවනය කරන ලෙසද ඒ මහතා සඳහන් කළේය.