මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්රස් පක්ෂ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ නායකත්වය ගැනීම සඳහා රාහුල් ගාන්ධි මහතා පත්කර ඇති බව කොංග්‍රසය කියයි.
නමුත්, මෙවර ඉන්දීය මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා රාහුල් ගාන්ධි බව කොංග්‍රසය තවමත් පවසා නැත.
කොංග්රස් නායිකා සහ රාහුල් ගාන්ධිගේ මව වන සෝනියා ගාන්ධි පවසා ඇත්තේ මැතිවරණ ජයග්‍රහණයට පෙර අගමැති අපේක්ෂකයාගේ නම සඳහන් කිරීම කොංග්‍රසයේ සම්ප්රදාය නොවන බවයි.
කෙසේ වෙතත් මෙවර මහ මැතිවරණයේදී කොංග්‍රසයට දැඩි සටහනක් ලබාදීමට සිදුවනු ඇති බව මැතිවරණ විශ්ලේෂණ පෙන්වාදී තිබේ. විශේෂයෙන්ම කොංග්රස් පාලනය යටතේ ඉන්දීය ආර්ථිකයේ සිදුවූ කඩා වැටීම් මෙන්ම, දූෂණ හා වංචා ඉහවහා යෑම් හේතුවෙන් ඔවුන්ගේ පාලන තන්ත්රය පිළිබඳ ජනතාව තුළ බලාපොරොත්තු කඩවීමක් පවතින බවද පෙන්වා දෙයි.
මේ අතර, ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විසින් සිය මැතිවරණ සටනේ අගමැති අපේක්ෂකයා ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේදී ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නරේද්රා මෝඩිගේ නම ප්‍රකාශයට පත් කළේය.
කෙසේ වෙතත් 41 වැනි වියෙහි පසුවන රාහුල් ගාන්ධි සිය අගමැති ධුර අපේක්ෂයා ලෙස නම් කරන ලෙසට කොංග්‍රසයේ අභ්‍යන්තරයෙන් බලපෑම් කෙරෙමින් පවතින බවද වාර්තා වෙයි.
නමුත්, තම පක්ෂයේ ප්‍රධානතම දේශපාලන සම්පත ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් නොගන්නවා ඇතැයිද ඉන්දීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.