චාවකච්චේරිහී කුඩායිරිප්පු ප්‍රදේශයේදී යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 ක් සමග පුද්ගලයෙකු ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
නාවික හමුදාව ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සමග මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, යතුරු පැදිය සහ සැකකරු නීතිමය කටයුතු සඳහා මරතන්කේනි පොලීසිය වෙත භාර දී ඇත.