එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුදල් පිළිබඳව සහ කේ.පී.ගේ මුදල් පිළිබඳව රටට හෙළිකිරීමට සූදානම් බවත්, අවශ්‍ය නම් ජාතික හෝ ජාත්‍යන්තර කමිටුවකදී මේ පිළිබඳව සාක්ෂි දීමට ඉදිරිපත් වීමට සූදානම් බවත්, කේ.පී. ආණ්ඩුවේ සුරතලෙකු බවට පත්කරගෙන ඇත්තේ කොටි මුදල් ආරක්ෂා කරගැනීමට බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසීය.
සමරවීර මහතා මේ අදහස් පළකළේ ඊයේ (13දා) සිරිකොතදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
"එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර නායකයා අද ආණ්ඩුවේ සුරතලා බවට ත්වෙලා. ගෝඨාභය මහතා කේ.පී. පද්මනාදන් හමුවුණාම ඉඹලා පිළිගන්නේ. එල්.ටී.ටී.ඊ.යේ සියලු රහස් දන්න, මුදල් ගනුදෙනු පිළිබඳ දන්න කේ.පී. ආණ්ඩුවේ ඔඩොක්කුවේ තියාගෙන ඉන්නෙ. ආණ්ඩුවට ඕන කේ.පී.ගේ මුදල් ටික ආරක්ෂා කරගැනීමටයි. කේ.පී.ගේ කොටි සල්ලි පිළිබඳ ඉදිරියේදී මම හෙළිකරන්නට සූදානම්. හිටපු විදේශ ඇමතිවරයෙකු විදිහට මම දන්නවා එල්.ටී.ටී.ඊයට කොපමණ මුදල් ප්‍රමාණයක් තියෙනවාද කියලා."