ලලිත් සහ කූගන් යන අයගේ අතුරුදන්වීම් සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවත්වූ නඩුවාරය සඳහා වරෙන්තුකරුවෙකු වූ පසුගිය රජයේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (03) සහභාගී විය.
2011 වසරේ දෙසැම්බර් මස 09 යාපනයේ දේශපාලන ප්රචාරක කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදී සුදු වෑන් රථයකින් පැමිණ ලලිත් සහ කූගන් යන අය පැහැරගෙන යනු ලැබීය.
මේ සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට අවස්ථා දෙකකදීම සිතාසි යැව්වද නඩුවාරයන් මගහැරීම නිසා යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කිරීම මත අද දින මෙසේ හිටපු ඇමතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී භාෂා පරිවර්තකයන් නොමැති නිසාවෙන් නඩුව නැවත මැයි මස 13 වනදා දක්වා කල් ගොස් ඇත.