පසුගිය ජනපතිවරණ සමයේදී රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන යකඩ බට (GI පයිප්ප) 600 ක් මිලදී ගෙන රජයට රුපියල් නව ලක්ෂ අනූදහසක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ සභාපති හා අධ්යක්ෂ ජෙනරාල්වරයාට විරුද්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ඊයේ (22දා) නඩු පැවරීය.
ඇමතිවරයාට අමතරව මෙලෙස නඩු පවරන ලද්දේ,
රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ එහි හිටපු සභාපති විමලසේන රූපසිංහ යන මහත්වරුන්ට එරෙහිවය.
පසුගිය දෙසැම්බර් මස 2 වැනිදාත් 10 වැනිදාත් අතර කාලය තුළ සිට කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් නවලක්ෂ අනූ දහසක පාඩුවක් සිදුවී ඇති බවට අල්ලස් පනත යටතේ මෙම නඩුව පවරා ඇත.
අල්ලස් කොමිසමෙන් පැවරූ මෙම නඩුව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා, ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කළේය.