කෘෂිකර්ම අමාත්‍යාංශය රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණයේ සිට රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් වෙත ගෙන යන ලද්දේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් පරිදි බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් කථානායක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය රජමල්වත්ත ප්‍රදේශයෙන් ඉවත් කළේ රජයේ ඉල්ලීමක් අනුව බවත්, එය පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් නොවන බවත් එම පැහැදිලි කිරීමේ දැක්වෙයි.
අදාළ නිවේදනය මෙසේය.
“2015 නව රජය පත් වූ පසු පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද ආංශික කාරක සභාවන්හි කටයුතු සඳහා අමතර කාර්යාල පහසුකම් අවශ්‍යව තිබූ අතර, ඒ සඳහා පාර්ලිමේන්තු බිම් මහලේ ගරාජය සුදුසු පරිදි සකසාගැනීම සඳහා ගරු කථානායකතුමන්ගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් අවධානය යොමු කර තිබිණි.
නමුත් ඒවනවිට, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තුවට ආසන්නයෙන් කාර්යාල පහසුකම් සැපයීම පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබූ බැවින්, පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සඳහා අවශ්‍ය අමතර ඉඩකඩ ලබාගැනීම සහ මන්ත්‍රී කාර්යාල සඳහා ගොඩනැගිලි පහසුකම් ලබාගැනීම යන අරමුණු 02 සඳහාම එකම ගොඩනැගිලි සංකීර්ණයක් යොදාගැනීම ප්රයෝගිකය යන අදහසින් යුතුව පාර්ලිමේන්තුවට ආසන්නව පවතින කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි සංකීර්ණය ලබාගැනීමට රජය විසින් තීරණය කරන ලදී.කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කෙරුණේ රජයේ මෙම තීරණය මත වන අතර, එය පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් නොවේ,
මේ අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැති රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණය හෝ එහි කොටසක් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලෙස හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ නව ගොඩනැගිල්ලකට ගෙන යෑම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ යුතුය.
කෙසේ වුවද, රජයේ තීරණය පරිදි රජමල්වත්තේ පිහිටි ගොඩනැගිලි පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා යොදාගැනීමේදී සියලු ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාවේ සහායෙන් සිදු කිරිමටද, එම කාර්යාලවල පැවැති පැරණි උපකරණ අලුත්වැඩියා කර නව කාර්යාල උපකරණ සඳහා යන වියදම් වැළැක්වීමටද පියවර ගනු ලැබ ඇත.
වියදම් අවම කිරීමේදී තමාද පුද්ගලිකවම ක්‍රියාත්මක විය යුතු බව කල්පනා කළ වත්මන් කථානායකවරයා මින්පෙර හිටපු කථානායකතුමන් භාවිත කළ මෝටර් රථයම සිය නිල රථය ලෙස යොදාගනු ලැබූ අතර, අවම වශයෙන් තමා වෙනුවෙන් අලුතෙන් සකස් කිරීමට නියමිතව තිබූ කථානායක නිල කබායද ප්‍රතික්ෂේප කර හිටපු කථානායකතුමන් භාවිත කළ පැරණි කබාය සුදුසු පරිදි සකසා භාවිත කර වැදගත් පූර්වාදර්ශයක් සැපයූ බවද පෙන්වා දෙමු.
මේ අනුව, පාර්ලිමේන්තුව කථානායක කරු ජයසුරිය මහතාගේ නායකත්වය යටතේ මහජන මුදල් ආරක්ෂා කරන, උපරිම අරපිරිමැස්මෙන් සහ විනිවිදභාවයෙන් යුතුව භාවිත කරන ස්ථානයක් ලෙස ක්‍රියාකරනු ඇති බවද අවධාරණය කරමු.”