විවිධ ප්‍රදේශවලට උචිත බෝග සහ එම බෝග වගා කරන ක්‍රමවේදය, නිෂ්පාදන වියදම අඩු කරගැනීම පිළිබඳ නිවැරදි තොරතුරු ගොවීන්ට ලබාදී නව සැළසුම් ඉදිරිපත් කළ යුතු බවත් කෘෂිකර්ම නිලධාරීන් සතු නව දැනුම ගොවීන්ට ලබාදීමේ නිසි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. බතලේගොඩ නව පරිපාලන හා පර්යේෂණාගාර තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය. කෘෂි ව්‍යාප්ති සේවය අතර මග නතරවීමෙන් නිලධාරීන්ගේ දැනුම ගොවීන් වෙතට ගෙන යාම සීමා වූ බවත් එය නැවත කඩිනමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.