කෘෂි කාර්මික කටයුතු වලදී වතුර පොම්ප කිරිම සදහා රාත්‍රි 10 සිට පෙරවරු 6 දක්වා අඩු මිළට විදුලිය සැපයීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඊයේ දින (17) බදුල්ලේ පැවති ජාතික විදුලි ජංගම සේවයට එක් වෙමින් අමාත්‍යවරයා මේබව කීය .
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ අමාත්‍යවරයා, මෙසේද පැවසීය,
අපි කෘෂි කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කරන අතරේ ලබන මාසේ 01 වෙනිදා සිට කෘෂි කර්මාන්තය සදහා මෙම නව ගාස්තු ක්‍රමය හදුන්වා දෙනවා. රාත්‍රි 10 සිට පෙරවරු 6 දක්වා කාලයේදී විදුලිබල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන වියදම අඩුයි. ඒ වාසිය අපි ගොවියාට ලබා දෙනවා. මෙහි පළමු වැඩසටහන අපි ආරම්භ කරන්නේ යාපනය දිස්ත්‍රිකයෙන්.
මෙම ජංගම සේවයට සමගාමීව බදුල්ල දිස්ත්‍රිකයට විදුලිය 100%ක් ලබාදීම සිදුකල අතර "සූර්යබල සංග්‍රාමය" යටතේ මුතියංගන රජමහා විහාරයට සූර්ය කෝෂ පද්ධතියක් පූජා කිරීම ද සිදුකෙරුනි.
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මැති ඇමතිවරු සහභාගිවිය.