කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කර ඇති ක්‍රියාවලියට පටහැනිව ක්‍රියාකරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට නායකත්ව මණ්ඩලය විසින් ඊයේ (05දා) ඒකමතික තීරණයක් ගෙන තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රියාවලියට පටහැනිව යම් යම් පිරිස් කටයුතු කරන බවට නායකත්ව මණ්ඩලයට දිගින් දිගටම තොරතුරු ලැබීම නිසා මෙම තීරණය ගෙන තිබෙන අතර, මීට අමතරව පක්ෂයේ සාමාජිකත්වය දිවයින පුරා සක්‍රිය කිරීමට සාමාජිකත්ව ප්‍රවර්ධන කමිටුවක් පත් කිරීමටද නායකත්ව මණ්ඩලය තීරණය කර ඇත.
එසේම බස්නාහිර, දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස 12 වැනිදා එළිදැක්වීමට ඊයේ (05දා) රුස්වූ නායකත්ව මණ්ඩල රුස්වීමේදී තීරණය වී තිබෙන අතර, එය මුලින්ම කණ්ඩායම් නායකයන්ට එදින සංකේතාත්මකව භාරදීමටද තීරණය වී තිබේ.