ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (22දා) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට 20 හැවිරිදි කුසල් මෙන්ඩිස් සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ 132 වැනි ක්‍රීඩකයා ලෙස කුසල් ක්‍රිකට් වාර්තා අතරට එක්විය.
2014 වසරේ බුබායිහිදී පැවති වයස 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වේ.
කුසල් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් වෙන්කරගැනීමේ සුවිශේෂතාව වන්නේ, මොරටුව වේල්ස් කුමර විදුහලේම ආදි සිසුවෙකු වන ළහිරු තිරිමාන්නගේ පුරප්පාඩුවට ඔහු කණ්ඩායමට එක්වීමය.
කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන කුසල් මෙන්ඩිස් මෙම වසරේ ජනවාරි මාසයේදී පළමු පෙළ වරම් දිනාගන්නා අතර, මේ දක්වා ඔහු පළමු පෙළ තරග 10කට ක්‍රීඩාකර ලකුණු 459 ක් රැස්කරගෙන සිටියි. ඔහුගේ දක්ෂතා අතර ශතකක් හා අර්ධ ශතකයක් අන්තර්ගතව ඇත.
කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (22දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තෝරාගත්තේය.