තහනම් උත්තේජන චෝදනාවට ලක්ව සිටි කුසල් පෙරේරා එයින් නිදහස් කර ගැනීම සඳහා රුපියල් මිලියන 5ට අධික මුදලක් වැය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකාච්ඡාවකදී ඔහු මේ බව සඳහන කළේය. කුසල් පෙරේරා, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටිති.