කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ හා නියමිත රැකියා වීසා කාලය ඉක්මවමින් සේවය කළ කාන්තාවන් 119 දෙනෙකු ගෙන්වාගැනීමට හැකි වී තිබේ.
විදේශ රැකියා ඇමතිනීතලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි එම පිරිස අද (22දා) දිවයිනට ගෙන්වා ගනු ලැබිණි.
මෙම පිරිස කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි පිරිසකි. විදේශ රැකියා අමාත්‍යවරිය පසුගියදා කුවේට් රාජ්‍ය‘යේ කළ සංචාරය අතරතුර එරට තානාපති කාර්යාල නිලධාරීන්ට දුන් උපදෙස් මත මොවුන් දිවයිනට ගෙන්වාගෙන ඇත.
මෙලෙස පැමිණි 119 දෙනාම කාන්තාවන් වන අතර, ඔවුහු දිවයිනේ විවිධ ප්‍ර‘දේශවල පදිංචිකරුවෝ වෙති. එම කාන්තාවන්ගෙන් 09 දෙනෙකුට කාර්යාංශයේ සහන පියස මධ්‍යස්ථානය මගින් ගමන් වියදම් ලබාදී නිවෙස්වලට පිටත් කර තිබේ.