කුවේට්හි රැකියා සඳහා ගෝස් කරදරට පත්වූ ශ්රී ලංකා ශ්රමිකයින් 104 ක් අද (13දා) පෙරවරුවේදි දිවයිනට පැමිණ තිබේ.
මෙයින් 8 දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ. මෙම පිරිස කුවේට් තානාපති කාර්යාලයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් සුරක්ෂා නිවාසයේ රැකවරණයේ සිට ඇත.
වීසා කාලය ඉක්මවා සේවයේ යෙදී සිටීම, ගිවිසුම් ගත රැකියාව නොලැබීම, විවිධ ශාරීරික හිංසන ඇතුලු ගැටලු වලට මෙම ශ්රමිකයින් ලක්ව ඇතැයි විදේශ රැකියා කාර්යාංශය කියයි.