වීසා නැතිව කුවේට් ඉන්න අයට පොදු සමාකාලයක්
කුවේට් රජය විසින් වීසා නීති උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින පුද්ගලයන්ට පොදු සමා කාලයක් ලබාදී තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් ලබාදී ඇති මෙම පොදු සමාකාලය 2018 ජනවාරි මස 29 දින සිට 2018 පෙබරවාරි 22 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අනුව අදාළ කාලසීමාව තුළදී වීසා නොමැතිව කුවේට්හි වෙසෙන විදේශීකයන්ට දඩ මුදල් ගෙවීමකින් තොරව හා අදාළ ආයතනවල විශේෂ අවසරයක් ලබාගැනීමෙන් තොරව එරටින් පිටවීමට අවස්ථාව ලබාදී ඇත.
මෙසේ පිටවන අයට නීත්‍යනුකූල අයුරින් නැවත කුවේට් රාජ්‍යයට පැමිණීමටද (වෙනත් නීතිමය බාධා නොමැති නම්) අවසර ලබාදී තිබේ.
එසේම මෙම පොදු සමා කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවීමට අවසර ලබාදී තිබියදීත් එසේ නොකර තවදුරටත් රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් පියවර ගනු ඇත.