ප්‍රා දේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට රුපියල් ලක්ෂ 2ක ප්‍රවාහන දීමනාව වෙනුවට රුපියල් 590000ක මසික කුලී පදනමට වාහනයක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා මෙතෙක් අත්සන් නොකිරීම ඊට හේතු වී ඇති බව වාර්තා වෙයි.
අජන්ත අඟලකඩ (ඉරිදා ලංකාදීප පුවත්පත)