එච්.අයි.වී බියක් හේතුවෙන් අසාධාරණයට ලක්වූ කුලියාපිටිය දරුවා ඇතුළත් කර ගැනීමට කොළඹ හා මහනුවර ප්‍රධාන පාසල් කීපයක් කැමැත්තෙන් සිටින බවට වාර්තාවේ.
දරුවා පාසලකට ඇතුළත් කරගැනීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් අද(09දා) දිනයේ දී ප්‍රකාශයක් සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ දරුවා එච්.අයි.වී. ආසාදිතයෙකු නොවන බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබුණත් ප්‍රදේශයේ ඇතැම් දෙමාපියන් එය පිළි නොගෙන කලහකාරී ලෙස කටයුතු කිරීම නිසා දරුවාට පාසලට ඇතුළත්වීමේ අයිතියද අහිමිව ගියේය.