එච්.අයි.වී. වැලඳී තිබෙන බවට අසත්‍ය චෝදනා එල්ල වී තිබෙන දරුවාට මෙතෙක් පාසලක් අහිමි වීමට හේතුව කලාප අධ්‍යාපන බලධාරීන්ගේ අනවශ්‍ය හැසිරීම බවට ගුරුවිදුහල්පති වෘත්තීය සමිතිය චෝදනා කරයි.
දරුවාට සහ මවට එච්.අයි.වී. වැලඳී තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් දියත් වුවත්, රෝගී වූ කිසිවෙකුව හෝ සමාජයෙන් කොන්කළ නොහැකි බවත්, එච්.අයි.වී. වැලඳුණා කියා දරුවෙකුට පාසලක් අහිමි කිරීමට නොහැකි බවත් එම සංගමයේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ප්‍ර‘දේශවාසීන් විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙන දරුවා ඇතුළත් වීමට සිටි පාසල අයත් කලාප කාර්යාලයේ බලධාරීන් දරුවාට වෙනත් පාසලක් ලබාදෙන බවට ප්‍රකාශ සිදුකර තිබෙන බවත්, මෙම ප්‍රකාශයත් සමග ප්රශ්නය දුරදිග ගිය බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව අධ්‍යාපන ඇමතිවරයා විසින් දරුවාගේ මවට එච්.අයි.වී. තිබෙන බවට ප්‍රකාශ සිදුකර තිබෙන බවත්, දරුවාගේ මවට එච්.අයි.වී. තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇමතිකමට අමතරව දොස්තර වැඩෙත් පටන්ගෙනදැයි ප්‍රශ්නයක් ඇති කරමින් බවද කැඳවුම්කරු සඳහන් කළේය.
මේ නිසා විකාර වැඩ සිදුනොකර දරුවාට නිවස ආසන්නයේ පාසලක් ලබාදී දරුවාගේ අනාගතය සුරක්ෂිත කළ යුතු බවද එම සංගමය සඳහන් කරයි.