කුලියට ගත් නිවසේ බිළිඳා දමා මව පළා ගිහින්
දෙහිවල, විශ්ණු කොවිල පාරේ කාමරයක් කුලියට ගෙන පදිංචි වූ කාන්තාවක්, මාස 3ක් වයසැති තම බිළිඳා එම කාමරයේ අතරමං කර පලා ගොස් ඇති බව දෙහිවල පොලීසිය පවසයි.
එම නිවෙස් හිමි කාන්තාව දෙහිවල පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම සිදුවීම සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති අතර, පසුගිය 24 වැනිදා ඉහත නිවසට පදිංචියට පැමිණි මෙම තැනැත්තිය, ඊට පසු දින එනම් 25 වැනිදා නිවසින් පිටව ගොස් තිබේ. පසුව රාත්රී 7.00ට පමණ නිවෙස් හිමි කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී හදිසියකට නිවසින් බැහැරට ආ බවත්, ඉක්මණින් එන බවත්, දරුවා බලාගන්නා ලෙසත් දැනුම් දී ඇත.
නමුත්, 26 වැනිදාත් එම කාන්තාව නිවසට නොපැමිණි නිසා නිවෙස් හිමි කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇත. ඒ අනුම, මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කරමින් බිළිඳා ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ නියෝග මත මොරටුව සර්වෝදය ළමා නිවාසයට භාරදී ඇත.
පොලීසිය පවසන්නේ මෙම දැරිය අතරමං කර පළාගිය මව තවම සොයා ගෙන නොමැති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

