කුරුණෑගල විවිධ සේවා සමුකාර සංගමයේ සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම දෙකට බෙදී තිබේ.
පසුගිය මහා සභාවෙන් අධ්යක්ෂ මණ්ඩලයට තෝරාගත් සාමාජිකයන් හත්දෙනාම මහින්ද රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කළ අතර, සභාපතිධුරය සඳහා අද (08දා) පෙරවරුවේ පැවැති ඡන්ද විමසීම පැවැත්වීය.
එහිදී හිටපු ප්රාදේශීය සභා මන්ත්රී සිසිර කුමාර මහතා සහ පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසනය කැඳවුම්කරු හිටපු නාගරික මන්ත්රී තුෂාර සංජීව මහතා එක් කණ්ඩායමක් ලෙසත්, හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේ, ප්රදේශීය සභාවේ හිටපු උපසභාපති අචල නිමන්තගේ යන මහත්වරු තවත් කණ්ඩායමක් ලෙසද තරග වැදුණහ.
කුරුණෑගල මීගමුව පාරේ විවිධ සේවා සමූපකාර සමිති ශාලාවේදී පැවැති තියුණු තරගයකින් අනතුරුව හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේ, ප්රාදේශීය සභාවේ හිටපු උපසභාපති අචල නිමන්තගේ යන මහත්වරුන්ගේ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති තනතුර ජයග්රණය කිරීමට සමත්විය.
පසුගිය මහා සභාවේදී මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් සාමාජිකයන් 74 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් 26 දෙනෙක් පත්වූහ.
මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ 74න් 7 දෙනෙකු අධ්යක්ෂ මණ්ඩලට තෝරාගත් අතර,සභාපතිවරයා තෝරාගැනීමේදී මෙම හත්දෙනා කණ්ඩායම් දෙකකට බෙදුණි.