හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට කුරුණෑගලින් තරග කළ හෙයින් කුරුණෑගල දිස්ත්රික්කයේ සමස්ත මැතිවරණ ප්රතිඵලයට වැඩි අවධායනයක් යොමුව තිබුණි. කුරුණෑගල දිස්ත්රික්කයේ සමස්ථ ප්රතිඵලය අනුව සන්ධානය ජයගත්තත් 2010 වසරට සාපෙක්ෂව ඔවුන්ගේ මන්ත්රීධුර ප්රමාණය අඩුවිය. මෙවර ඔවුන්ට මන්ත්රීධුර 8ක් හිමිවුවත් 2010 වසරේදී සන්ධානය කුරුණෑගලින් මන්ත්රීධුර 10ක් ලබාගත්තේය. එවර එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ මන්ත්රීධුර පහක් පමණි. මෙවර එජාපයට මන්ත්රීධුර 7ක් හිමිව තිබෙන අතර සන්ධානයට අහිමිවූ මන්ත්රීධුර දෙක එජාපය හිමිකර ගෙන තිබේ.