කුර්දි ත්‍රස්ත්‍රවාදින් ග්‍රහණයේ තිබූ වෙළෙඳ නෞකාවක ප්‍රාණඇපයේ සිටි ශ්‍රී ලාංකිකයන් නව දෙනෙකු දින 152කට පසු නිදහස ලබා ඊයේ (18දා) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියහ.
ගෑසලින් ඉන්ධන මෙට්‍රික් ටොන් 7,000ක් පිරවූ මෙම වෙළෙඳ නෞකාව ඩුබායි සිට යෙමනය බලා යාත්‍රා කරමින් තිබියදී පසුගිය වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා ඔඩේටා වරායේදී කුර්දි ත්රස්ත්රවාදීන්ගේ ග්‍රහණයට ලක්විය.
ඉන්දීය රජයේ සහ යේමෙන ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ සහයෝගයෙන් තමන්ට නිදහස් වීමට අවස්ථව ලැබුණු බව නෞකාවේ සේවය කළ තුන්වැනි නාවික ඉංජිනේරු චාමර පුපුදු අකුනුගේ මහතා කටුනායක ගුවන්තොටුපළේදී මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය.
ප්‍රසාද් මුතුකුඩ