ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා ලබන මාර්තු 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගරගත කරන ලෙස කෑගල්ල මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද (24දා) නියෝග කළේය.
අද සාක්ෂි කැඳවීමේ දෙවැනි දින වූ අතර, සාක්ෂි ලබාදීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සහකාර පාලක (නීති) දසින් නිරෝෂණ සහ එවකට කෑගල්ල පොලීසියට අනුයුක්ත සේවය කළ පොලිස් පරීක්ෂක සෙනරත් මහතාත් කැඳවනු ලැබිණි.
වසන්ත රෝහණ - කෑගල්ල