පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා අද සවස 2.00 ට ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් කට උත්තරයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කීය.
නීතිඥයන්ගෙන් ලද උපදෙස් මත මෙසේ කටඋත්තරයක් ලබාදෙන බව ඔහු කීය.
කුමාර් ගුණරත්නම් මහතා ශ්රී ලංකාවට පැමිණි පසු දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූවාදැයි සොයා බැලීමට මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පෙරටුගාමී පක්ෂයේ ප්රධාන කාර්යාලයට ගොස් තිබුණි.