පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික කුමාර් ගුණරත්නම් ඇතුළු පසුගිය කාලයේදී දේශපාලන හේතු මත විදෙස්ගත වූවන්ගේ දේශපාලන අයිතිය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකරමින් විදෙස් රටවල් තුනකදී විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානි සංවිධානයේ මූලිකත්වයෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී ඊයේ (07දා) සවසදීත්, එදිනම ඉතාලියේ මිලානෝ දුම්රිය පොළ ඉදිරිපිටදත්, ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඉකුත් 06 වැනිදාත් උද්ඝෝෂණ පැවැත්විණි.
ප්‍රංශය
ලන්ඩන්
ඉතාලිය