පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර ගුණරත්නම් මහතා තවදුරටත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියහොත් රහස් පොලීසිය යොදවා අත්අඩංගුවට ගන්නැයි පොලීසියට උපදෙස් ලබාදෙන බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා පැවසීය.
පසුගිය සෙනසුරාදා (31දා) දිනෙන්
ගුණරත්නම් මහතාගේ සංචාරක වීසා අවසන් වන බැවින් රටින් පිටුවහල් කිරීමේ නියෝගය ලබාදීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑමට අවශ්‍ය ගුවන් ටිකට්පත රැගෙන එන්නැයි මේ වනවිට දන්වා තිබෙන බවත්, ඒ අනුව කටයුතු නොකළහොත් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුවන බවත් ආගමන විගමන පාලකවරයා සඳහන් කළේය.
සංචාරක වීසා මත පැමිණ මෙරට තුළ දේශපාලනය කිරීමට යෑම නිසා ඔහු කැඳවා පළමු අවවාද කිරීම සිදුකළ බවත්, ආගමන විගමන නීති කඩකරමින් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට අවස්ථාව ලබාදිය නොහැකි බැවින් ඉතා ඉක්මනින්ම දෙවැනි නීතිමය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවත් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
අනෙකුත් සංචාරකයන්ටද මෙය පූර්වාදර්ශයක් විය හැකි බැවින් යළිත් ඔස්ට්‍රේලියාවට යන්නැයි දැන්වූ බවත්, මෙරට පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් ඉන් පසු සලකා බැලිය හැකි බවත් ආගමන විගමන පාලකවරයා කීය.
මේ අතර ඊයේ (01දා) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ, කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගැනීමට යන බවයි.
ජනාධිපතිවරයාට අයත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එසේ කටයුතු කර තිබීමෙන් මෙය දේශපාලන කාරණයක් යැයි පැහැදිලි වන බවත්, රජයේ මෙම තීරණයට එරෙහිව නෛතික හා මහජන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
මරදාන සමාජයීය හා සමාජික කේන්ද්‍ර‘යේ පැවැති මෙම ප්රවෘත්ති සාකච්ඡාවකදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කැෆේ සහ ශ්‍රී ලකා මානව හිමිකම් කේන්ද්‍ර‘යේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන්, මහාචාර්ය සුමනසිරි ලියනගේ, මහාචාර්ය සුමනසිරි ලියනගේ, මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත, ලංකා බැංකු සේවක සංගමයේ කේසර කොට්ටගොඩ, රජයේ එක්සත් කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ පී.ඩී. සරණපාල, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික යන අයද අදහස් දැක්වූහ.
ඔවුන් සියලු දෙනා රජයෙන් ඉල්ලා සිටියේ, ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙකු වෙනුවට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට කුමාර් ගුණරත්නම් මහතාට අවස්ථාව ලබාදෙන ලෙසයි.