ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්රී ලංකාවේ නීති විරෝධී අයුරින් රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පෙරටුගාමී පක්ෂයේ දේශපාලන සභික කුමාර් ගුණරත්නම් නැවතත් පෙබරවාරි 23දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහෙස්ත්රාත් අද (15 දා) නියෝග කරනු ලැබීය.
නොවැම්බර් මස 04 වන දින කෑගල්ල අගුරුවැල්ල ප්රදේශයේදි කුමාර් අත්අඩංගුවට ගත් අතර මීට ඉහතදී 6 වතාවක්ම බන්ධනාගාර ගතවූ ඔහු අද වන විට දින 103 ක් බන්ධනාගර ගතව සිටියි.
සමන්විජය බණ්ඩාර