විදුලියේ තාක්ෂණික ප්රශ්න ඇතිවීමේ අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩුවත්, අදාළ නිලධාරීනුත් නිසිලෙස කටයුතු කර නොමැති බවට හෙළි වී තිබෙන නිසා මෙය කුමන්ත්රණයක් කියා වගකීම්වලින් පැන යා නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා පසුගිය දිනවල සිදුවූ විදුලිය විසන්ධිවීම පිළිබඳ ඇත්ත තත්ත්වය ආණ්ඩුවට පාර්ලිමේන්තුවටත් ජනතාවටත් පැහැදිලි කළ යුතු බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සිදුවීම කාර්මික දෝෂයක් නිසා වාහනයක් මහ පාරේ නවතින ආකාරයේ සරල ක්රියාවක් නොවන බවත්, විදුලිය යනු රටේ ආර්ථිකයටත් ජනතාවගේ දෛනික කටයුතුවලටත් විශාල බලපෑම් එල්ල කරන බවද පවසා සිටියේය.