බස්නාහිර පළාත තුළ කසළ ගොඩවල් 25 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, වසර තුනක් ගත වනවිට මෙම සියලුම කසළ කඳු ප්රතිචක්රීයකරණය කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා සඳහන් කළේය.
ඊට අදාළ ව්‍යාපෘති මේ වනවිට සකස් කර තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය හරහා කසළවලින් විදුලිය උත්පාදනය කර ගැනීමටත් හැකිවන බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.