කුණූ ප්රශ්නය විකුණන් කන කුණු මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මේ සියලු ක්‍රියාදාමයන් මෙහෙයවන්නේ එම මාෆියා බලවේගයන් බවත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය. ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා -
මේ වනවිට කොළඹ නගරයතුළ දිනකට කුණු මෙට්‍රික් ටොන් 800ත් 1100ත් අතර ප්‍රමාණයක් ඒකරාශී වනවා. ඒ කුණු අතර කොළඹ නගරවාසීනගේ කුණුවලටත් වඩා කොළඹට පිටපළාත් වලින් පැමිණෙන අය ගෙනවිත් දමන අපද්‍රව්‍ය වලින් බව අද ඔප්පුවෙලා තියෙනවා. මෙලෙස කුණු ගොඩගැසීමට ප්‍රධාන වෙලා තියෙන්නේ ගෘහයන් තුළ සහ ආයතන තුළඑකතුවන කැලි කසළ නිසිලෙස වර්ගීකරණයක් නොකිරීම නිසයි.
නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා ගොඩගැසෙන කැලිකසල අවසානයේ මහා කුණු කඳු බවට පත්වෙනවා. අද මීතොටමුල්ලේ කුණුකන්දේ ප්‍රශ්නේට හේතුවෙලා තියෙන්නෙත් ඒකයි. මේ කසල කඳුවල තියෙන වීදුරු, පොලිතීන්, ප්ලාස්ටික් දිරාපත් නොවන නිසා ඒවා ගිනි තැබීමෙන් පිටවන විෂවායු පරිසරයට එක්වීමෙන් විවිධ රෝගාබාධා සහ පිළිකා වැඩිවශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ කුණුකසල පිළිබඳ ප්‍රධාන වගකීම තියෙන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. වෙන කිසිම අමාත්‍යාංශයකට එහි ඍජු වගකීම පැවරෙන්නේ නැහැ. මෙවැනි තත්වයක් උඩ තමයි කොළඹ නගරයේ එකතුවෙන කුණුකසල ඒකල ප්‍රදේශයේ අක්කර 27 ක පෞද්ගලික ඉඩමක තැන්පත් කරන්න යෝජනා කරලා තියෙන්නේ.
දැන් ඒකට විරුද්ධව පිරිසක් පාරවල් වහලා උද්ඝෝෂණ කරනවා. විපක්ෂයේ වගේම ආණ්ඩුපක්ෂයේම දේශපාලඥයන් ඊට සහයදෙමින් ජනතාව කුපිත කරවීමට උත්සහ කරනවා. ඇත්තටම මේ ප්රශ්නයේ මානුෂීය ස්වභාවයක් තියෙන්න පුළුවන්. නමුත් මේ කැලිකසල ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමට අප සියලු දෙනා එක්ව ජාතික වැඩපිළිවෙලක් සකසාගත යුතුයි. හුඳු සටන්පාඨ පැවසීම තුළින් මේ ප්රශ්නය විසඳිය නොහැකියි. ඒ සඳහා රජයේ කඩිනම් මැදිහත්වීමෙන් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් යටතේ කැලිකසල ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි.
නාගරික සංවර්ධන අධිකාරියෙන් අක්කර 03ක් ඉල්ලන්න කලින් එතුමා කරන්න ඕනේ කොළඹ නගරසභාව කුණූ පුරවලා තියෙන මීතොටමුල්ලේ අක්කර විසි එකේ කුණුගොඩ ඉවත් කරලා එම ඉඩකඩම් නැවත නාගරික සංවර්ධන අධිකාරියට නිදහස් කිරීමට කටයුතු කිරීමයි.
අනෙක් කාරණාව තමයි මහ ඇමතිතුමා ගිවිසුම් ගහලා තියෙන එස්.ජේ.පී සමාගමට මීතොටමුල්ල කුණු කන්දට විසඳුම් හොයන්න බෑ කියලා ඔප්පුවෙලා තියෙන එක. ඒ සමාගම 2015 ජනවාරි මාසයේ ඵලකල ලේඛන අනුව අදාල සමාගමේ වත්කම පවුම් 100යි. මේ අවුරුද්දේ මුල වාර්තාවේත් එහි විශාල වර්ධනයක් වෙලා නෑ. එවැනි කුඩා සමාගමකට පුළුවන්ද මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත් කරන්න?ඊට අවශ්‍ය වත්කම ඔවුන් සතුව තියෙනවාද? මේ කුණුගොඩේ වැඩිහරියක්ම තියෙන්නේ ප්ලාස්ටික්, පොලිතීන් වගේ දේවල්. ඒ නිසා ඒ කුණූවලින් හදන පොහොර කියන්නේ විෂකාරක මූලද්‍රව්‍ය වලින් හැදුනු විසගුලියක්.අනෙක් ප්රශ්නය තමයි මේ පොහොර කෘෂිකර්මයට භාවිතා කරන්න සුදුසුද?කියන එක. ඒ වගේම ඔය ව්‍යාපෘතියෙන් නිපදවනවා කියන බලශක්ති ඒකකයක නිෂ්පාදන වියදම කීයද? ඒ බලශක්ති ඒකක මිලදී ගැනීමෙන් රජයට අත්වන්නේ රජයට ලාභයක්ද? පාඩුවක්ද? මේ කිසිම ප්‍රශ්නයකට ඔවුන් ලඟ පිළිතුරු නැතිබව අප දන්නවා. ඒ එක්කම මා නැවතත් මතක් කරනවා යැයි ප්‍රකාශකළේය.