ශ්‍රී ලංකාව පුරා කැළි කසළ ප්රශ්නය විසඳීම සඳහා අවශ්‍ය ඍජු දේශපාලන තීන්දු ගැනීමට ජාතික සහ ප්‍රාදේශීය දේශපාලන නායකත්වයන්ට නොහැකි වීම කසළ ප්රශ්නය ජාතික ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට හේතුවක් වී ඇතැයි 'අද' කළ සොයා බැලීම්වලදී හෙළි විය.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම නිසා මිනිස් ජීවිත රැසක් අහිමි වීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් ඇති වී ඇතත්, එහි වගකීම බාරගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගත වී තිබේ.මෙහිදී අදාළ ගැටලුවලට වගකිවයුත්තන් කවුදැයි සොයාගැනීමට කළ විමර්ශනයේ දී රාජ්‍ය නිලධාරීන්ට හා මහජනතාවට වරද පැටවීමක් සිදු වුවද, සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ නිවැරදි සහ ඍජු දේශපාලන තීන්දු ගැනීම හෙවත් කොන්දක් සහිත තීරණ ගැනීමට දේශපාලන බලාධිකාරියට නොහැකි වීම බව හෙළිදරව් විය.
මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් පසු මීතොටමුල්ල වෙතට කැළි කසළ අලුතින් දැමීම නවතා දමා ඇතත් මේ අවස්ථාව වනවිට කොළඹ නගරයේ හා තදාසන්න නගරවල එක්රැස් වන කැළි කසළ බැහැර කරන ස්ථාන පිළිබඳ පැහැදිලි තීරණයකට පැමිණීමට වර්තමාන ආණ්ඩුව සහ කොළඹ නගර සභාව අපොහොසත් වී ඇති බව අදට වාර්තා වේ.
එමෙන්ම මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තම අධිකාරියට අයත් ඉඩම්වලට කැළි කසළ බැහැර කිරීම පිළිබඳ නගර සභාවලට සීමා පනවා තිබේ.කොළඹ නගරයේ දිනකට එක් රැස්වන මෙට්‍රික් ටොන් 1100 – 1200 ක් අතර වූ කැළි කසළ ප්‍රමාණය මින් ඉදිරියට බැහැර කිරීම කොළඹ නගර සභාව මෙන්ම රජය මුහුණදෙන ප්‍රධානතම අභියෝගය බවට පත්ව තිබේ.
විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව කැළි කසළ කළමනාකරණයට ඇතැම් අවස්ථාවලදී යම් යම් ස්ථාන හා ඊට අදාළ ආයෝජන සහිත ව්‍යාපෘති ඉදිරිපත් වුවද ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජනතාව සහ දේශපාලනඥයන් කළ විරෝධය පෑම් හමුවේ අදාළ තීරණ ක්‍රියාත්මක නොවිණි. මෙයට එක් හේතුවක් වන්නේ දේශපාලඥයන් තමන්ගේ ඡන්ද කොට්ඨාසවල තම ජනප්‍රියත්වය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමය.
එසේම ජනතාවට නිසි දැනුමක් ලබා නොදීමත් ප්‍රාෙද්ශීය දේශාපලඥයන් සතුටු කිරීමට හා තම තමන්ගේ දේශපාලන හිතවතුන් සතුටු කිරීමට ජාතික දේශපාලන නායකයන් උත්සාහ කිරීමත් කසල ගැටලුව ඔඩු දිවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. මීතොටමුල්ල සිද්ධියේදී යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙක දෙපාර්ශවයට චෝදනා එල්ල කිරීමේ තත්ත්වයක්ද නිර්මාණය වී ඇති අතර මේ චෝදනා වලදී පැහැදිලිව පෙනෙන්නේ ඍජු තීරණ ගැනීමට ඉදිරිපත් නොවීමෙන් ගැටලුව බරපතල වී ඇති බවය.
කැළි කසළ ගැටලුව තිරසාරව විසඳා ගැනීමට ඍජු තීන්දු ගෙන ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාවක් මෙතෙක් කිසිදු ආණ්ඩුවකට හැකි වී නැත. එසේ වී ඇත්තේ එය ඇතැමෙකුට ධන උල්පතක් වී ඇති හෙයිනි. ඒෙහයින් ෙම් තීරණාත්මක අවස්ථාෙව්දී ෙහා් ෙද්ශපාලන බලාධිකාරිය ඍජු තීන්දු ෙගන කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරිපත් වන්ෙන් නොවුණහොත් අනාගතයේ දී මෙවැනි විපත් බහුල විය හැකි බව පැහැදිලිය.