කොළඹ නගරයේ කුණු ගෙන ඒමට විරෝධය දක්වමින් වත්තලදී හා කරඳියානේදී අදත් (22දා) විරෝධතා සංවිධානය කර තිබුණි. මෙහිදී වත්තල නගරයේදී පැවැත්වූ විරෝධතාය දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගත් අතර එහිදී කුණු ලොරිවලට පහරදීමක්ද කර තිබේ.
මුතුරාජවෙල බෝපිටිය රක්ෂිතයට කුණු දැමීමට එරෙහිව මෙම විරෝධය පැවැත්වීය. එහිදී විරෝධතාවයට එක්වූ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුව පත්විය. මේ අතර කරඳියානේදී පැවැත්වූ විරෝධතාවය නිහඩ විරෝධතාවයක් විය.