මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද(21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව කියා සිටියේය.
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් ව්‍යාපෘති තුනක් පවතින අතර, කුණු භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය එක් ව්‍යාපෘතියක් බවත්, ඒ සඳහා ගිවිසුම් ඉදිරිසතියේ අත්සන් කරන බවත් ඔහු කීය. එසේ වුවද කුණු කන්ද ඉවත් කිරීමට වසර දෙකක් ගතවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.