මහනුවර, කුණ්ඩසාල ඒකාබද්ධ ජලසම්පාදන ක්‍රමයට අයත් බලගෝල ජල පවිත්‍රාගාරය සඳහා අලුතින් ඉදිකිරන ලද නව සම්ප්‍රේෂණ නල මාර්ගය, පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා හෙට (24දා) දින පෙ.ව. 7.00 සිට පසුදින පෙ.ව. 7.00 දක්වා (පැය 24ක්) බලගොල්ල ජල පවිත්‍රාගාරයේ ජල බෙදාහැරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව කුණ්ඩුසාල, නත්තරංපොත, පල්ලෙකැලේ, පල්ලේකැලේ ජනපදනය, බලගොල්ල, දිගන නව නගරය සහ දිගන විලේජ් සඳහා ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම්දෙයි.