කුඩු ග්රෑම් තුනක් සමග අනුරාධපුරයේදී අද (22දා) සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වූ යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගේ සේවය තාවකාලිකට අත්හිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා කටයුතු කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවද පරීක්ෂණ පවත්වන අතර එහි ප්රතිඵල මත සැකකාර ලුතිනන් කර්නල්වරයාට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමට නියමිතය.