හෙරොයින් පැකැට් 17 ගිල දැමූ සැකකරුවෙකු පුත්තලම මූලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර එවා කර ඇත.
කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හෙරොයින් ළඟ තබාගෙන සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු මෙසේ හෙරොයින් පැකැට් තොගය ගිලදමා ඇත.
මේ හේතුවෙන් හේතුවෙන් කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැකකරු පුත්තලම මූලික රෝහලට මාරුකර යවා තිබිණි. නමුත් පුත්තලම රෝහලේදී එම කුඩු පැකැට් තොගය එළියට ගැනීමට නොහැකි නිසා මෙසේ කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.