අත්බෝමිබයක් සමග කුඩු නුවණ් නොහොත් නුවණ් උදය ගුණතිලක පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබේ.
කඩවතදී මෙම අත්අඩංගුවට ගැනීම අද (25දා) සිදුකර තිබේ. ඔහු 2007 වසරේචී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පහරදීමේ සිදුවීමේ සැකකරුවෙක්ද වෙයි.
මිනී මරුම්, ලිංගික අඩත්තේටම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු වැරදි කිහිපයකට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටියේය.
39 වැනි වියේ පසුවන සැකකරු කඩවත පොලීසියට බාරදී ඇත.